
Saman Edirisinghe
He is an Entrepreneur
ඔහු ගැන

සමන් එදිරිසිංහ නම් වූ ඔහු කාලීන අවශ්‍යතාවය අනුව දේශපාලනයේ නව පියවරක් තබමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කෑගලු දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ කෑගලු දිස්ත්‍රීක් ජනතාවගේ සිතුම්, පැතුම් ඉටුකර ප්‍රදේශයේ සහ ජනයාගේ දියුණුව වෙනුවෙන් සහ මිලියන 22ක් වූ රටවැසි සියලු ජනයාගේ බලාපොරොත්තු වෙනුවෙන්, ඔවුන්ගේ දෑත් ශක්තිමත් කිරීම වෙනුවෙන් සර්වජන බලය පක්ශයෙන් අංක 3 යටතේ කෑගලු දිස්ත්‍රීක් ප්‍රධාන සංවිධායක ලෙස ඉදිරිපත් වී සිටී. 38 වසරක් ගෞරවනීයව දිවි ගෙවූ මේ උදාරතර පුණ්‍ය භූමියේ, භෞමික අඛණ්ඩතාවය සුරකිමින්, දේශයේ ඒකීයත්වය උදෙසාත්, ජාතියේ චිරජීවනය උදෙසාත්, නොපැකිළිව කැපවීමට අදිටන් කොට 19 වසරක ගුරු ජීවිතයට තාවකාලිකව නැවතුමක් තබා මිලියන 22 ක ජනතාවගේ ප‍්‍රාර්ථනාවන්ට පණ දෙන්නටත්, කෑගලූ දිස්ත‍්‍රික්කයේ සාම්ප‍්‍රදායික දේශපාලනයෙන් මිදී යහපත් වූත්, කාලෝචිත වූත් මානුෂීය සේවයක් සදහාත් ඔහු දිවිහිමියෙන් ඇප කැපවී සිටින්නේය.
ඔහු....
- අත්තනගොඩ කණිෂ්ඨ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වී කෑගලූ විද්‍යාලයට ඇතුලත් විය.
- අ.පො.ස සා/පෙළ A-8 ක ප‍්‍රතිඵලයක් සහිතව උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් A-3 ක් සමඟ ඉහළ දිස්ත‍්‍රික් කුසලතාවයක් සමඟ පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුල් විය.
- වෛද්‍ය පීඨ අධ්‍යාපනය අතර තුරම ලංකා රසායන විද්‍යා ආයතනයේ රසායන විද්‍යා විශේෂ උපාධිය හදාරන ලදී. (Graduate Chemist)
- අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.
- පසු කාලීනව අධ්‍යාපන ක්ෂේත‍්‍රය කෙරෙහි තිබූ ඇල්ම නිසාම අධ්‍යාපනය පිළිබඳව ආචාර්ය උපාධිය හදාරන ලදී. (Ph.D in Education)
- වෘත්තීයෙන් වසර 20 කට අධික කාලයක් ප‍්‍රධාන නගර වල උපකාරක පන්ති ගුරුවරයෙක් වශයෙන් ද පාසල් සහ පුද්ගලික ආයතන ගණනාවක ආරාධිත දේශකවරයෙක් වශයෙන් ද දරු දැරියන්ට අධ්‍යාපනය ලබා දීමෙහිලා විශාල මෙහෙවරක් කරන ලද්දෙකි.
- ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂක වරයෙකු ලෙස සෘජු හා වක‍්‍ර රැකියා රාශියක් උත්පාදනය කරන ලද්දෙකි.
- අපනයනකරුවෙකු ලෙස රටේ විදේශ විනිමය ඉහළ නැංවීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙන්නෙකි.
- චිත‍්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙස කලා ලොව තුළ ජනප‍්‍රියතාවයක් දිනා සිටින්නෙකි.
- හිතවතෙකු, සමාජ සේවකයෙකු ලෙස දිස්ත‍්‍රික්කය තුළ සහ ඉන් පිටත අවශ්‍ය අවස්ථාවලදී නිරන්තරයෙන් ක‍්‍රියාත්මක වන සොහොයුරෙකි.
- සමන් එදිරිසිංහ සමාජ සත්කාරක පදනම හරහා ප‍්‍රදේශයේ පාසල් සහ දහම් පාසල් සඳහා උපකරණ හා දහම් පාසල් ඇඳුම් සඳහා රෙදිපිළි, ආබාධිත පුද්ගලයින් සඳහා ආධාර ලබාදීම වැනි ක‍්‍රියාකාරකම් වල නිරන්තරයෙන් යෙදෙන්නෙකි.
- අඩු ආදායම්ලාභී දූ පුතුන්ට උසස් අධ්‍යාපනය සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව 100 බැගින් වසර 20 ක් තිස්සේ පුද්ගලිකව ප‍්‍රදානය කරන ලද්දෙකි.
ඉටු කරන ලද සේවාවන්
පහත සියල්ලම ඔහු විසින් පුද්ගලිකව උපයන ලද මුදලින් සිදුකරන ලද පරිත්‍යාග සහ සේවාවන් වේ.
ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා
ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා විශේෂ අවස්ථාවලදී වියලි ආහාර බෙදා දීම.
වැඩි දුරටත්....COVID - 19
Covid - 19 අර්බුදය හමුවේ දිස්ත්‍රීකයේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන් සඳහා ආහාර ද්‍රව්‍ය බෙදා දීම සහ රෝහල් වලට ඖෂද සහ වෛද්‍ය උපකරණ ලබාදීම.
වැඩි දුරටත්....අධ්‍යාපනය සඳහා
විභාග ආසන්න කාලවලදී දේශකවරයෙකු ලෙස නගර ගණනාවක දූ පුතුන් සඳහා නොමිලේ දේශන දායකත්වය ලබා දීම.
වැඩි දුරටත්....දූ දරුවන් සඳහා
වසර 15ක් තිස්සේ දහම් පාසල් 93ක දූ පුතුන්ට ඇඳුම් පැලඳුම් සඳහා රෙදි පිලි ලබා දීම, දිවයිනේ විවිධ ප්‍රදේශවල අඩු පහසුකම් සහිත පාසල් 49 කට අවශ්‍ය පාසල් උපකරණ පාවහන් ආදිය ලබා දීම.
වැඩි දුරටත්....දේශබන්දු, දේශමාන්‍ය යන ගෞරව නාම
මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා කරන ලද සේවය නිසාම 2013 වසරේදී අස්ගිරිය මහා විහාරයේදී දේශබන්දු, දේශමාන්‍ය යන ගෞරව නාම වලින්ද පිදුම් ලබන ලදී.
වැඩි දුරටත්....ඇයි?
ඡායාරූප
- සියල්ලම
- මැතිවරණ
- පුද්ගලික
- පරිත්‍යාග
සම්බන්ධකර ගන්න
අමතන්න
+94 71 872 7273
ඊමේල්
hello@saman.wiki
sambsn1986@gmail.com